ලංකාවට ඇතුල් වීමට උත්සාහ කළ පලස්තීන ජාතිකයක් හරවා යවයි.

0
525

ශ්‍රී ලංකාවට ඇතුළු වීමට උත්සාහ ගත් පලස්තීන ජාතිකයක් ආපසු හරවා යැවීමට කටුනායක ගුවන් තොටුපොළේ ආගමන විගමන නිලධාරීන් ඊයේ (10) පියවර ගෙන තිබුණා.

45 හැවිරිදි හෂීම් රමාදාන් නමැති එම පුද්ගලයා ඉන්දියාවේ සිට න්ඩිගෝ ගුවන් සේවයට අයත් 6ඊ 1265 ගුවන් යානයෙන් අද (10) ගුවන් තොටුපොළට පැමිණ ඇති අතර එහි නිලධාරීන් ඔහුගෙන් ප්‍රශ්න කළ අවස්ථාවේදී මතුවූ සැකයක් හේතුවෙන් එසේ හරවා යැවීමට පියවර ගත් බව ගුවන් තොටුපොළ නිලධාරියෙක් සඳහන් කළා.

ආගමන විගමන නිලධාරීන් එම තැනැත්තාගෙන් කරන ලද විමසීමේදී ඔහු පවසා ඇත්තේ පලස්තීනයේ සිට අධ්‍යාපනය ලැබීමට ඉන්දියාවට පැමිණි බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here