> ## Content Index
> Fetch the complete content index at: https://www.citizen.lk/llms.txt
> Use this file to discover other available public pages before exploring further.

# පාසල් අද ඇරඹේ
- URL: https://www.citizen.lk/schools-start-today/
- Published: 2026-01-21T04:24:38.000Z
- Updated: 2026-01-21T04:24:59.000Z
- Author: Deepali Jayasundara
- Tags: දෙස්

January 21 (Citizen.lk News) -2026 අධ්‍යයන වර්ෂයේ පළමු පාසල් වාරයේ දෙවන අදියර රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වලට අද (21) ආරම්භ වනවා.

පළමු පාසල් වාරයේ පළමු අදියර පසුගිය 5 වැනිදා සිට 9 වැනිදා දක්වා ක්‍රියාත්මක වූ අතර, ‘දිට්වා‘ සුළි කුණාටුවත් සමග උසස් පෙළ විභාගයේ කල්දැමුණු විෂයන්වලට අදාළ විභාග පැවැත්වීම හේතුවෙන් පසුගිය 10 වැනිදා සිට ඊයේ දක්වා පාසල් නිවාඩු ලබාදී තිබුණා.

ඒ අනුව අද ආරම්භ වන පළමු පාසල් වාරයේ දෙවන අදියර පෙබරවාරි මස 13 වැනිදා දක්වා ක්‍රියාත්මක වන බව අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරනවා.