ගිනිගත්හේනේදී එස්.බී. දිසානායකගේ රථ පෙළ අවහිර කළ පිරිසකට වෙඩි: දෙදෙනෙකුට තුවාලයි

අද පස්වරුවේ ගිනිගත්හේන පොල්පිටිය ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධීකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතාගේ රථ පෙළ අවහිර කළ බව කියන සිද්ධියක් හේතුවෙන් ඔහුගේ ආරක්ෂකයින් විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇතැයි වාර්තා වන බව යි.

රාත්‍රී 8.30 ට පමණ සිදු වූ වෙඩි තැබීමෙන් පසුව එස්.බී. දිසානායක මහතාගේ රථය එම ස්ථානයෙන් පිටව ගොස් තිබේ.

තුවාල ලැබු දෙදෙනා මේ වනවිට කරවනැල්ල නැලිගම රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිස් මාධය ප්‍රකාශකවරයා පැවසුවේ ය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න