ශ්‍රීලනිප සහය දෙන අපේක්ෂකයා ගැන සරත් අමුණුගම හෙළි කරයි.

0
253

පොහොට්ටුවේ ජනපති අපේෂකයා ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව විසින් තීරණය කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සරත් අමුණුගම මහතා සඳහන් කළා.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය ගැන කිසිදු සැකයක් නොමැති බවත්, එක්සත් ජාතික පක්ෂ විරෝධී අපේක්ෂකයා වන ඔහුගේ ජය වෙනුවෙන් තම පක්ෂය කැපවන බවත් සරත් අමුණුගම වැඩිදුරටත් පැවසුවා.