සහරාන්ගේ බාල නැගණිය කාත්තන්කුඩියේදි අත්අඩංගුවට. – PHOTOS

පාස්කු ඉරිදා ප‍්‍රහාරයේ මහ මොළකරු ලෙසින් සැලකෙන මොහොමඩ් සහරාන්ගේ බාල සොහොයුරියක වන මොහොමඩ් කාසිම් මොහොමඩ් නියාස් මදනියා කාත්තන්කුඩි ප‍්‍රදේශයේදී ඊයේ (01) සවස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඇය සතුව තිබී රුපියල් ලක්ෂ 20ක මුදලක් සොයා ගත් බව මඩකලපු පොලිසිය සඳහන් කළා.

පාස්කු ප‍්‍රහාරයට දින කිහිපයකට පෙර සහරාන් එම මුදල තමන්ට දුන් බවට පොලිස් ප‍්‍රශ්න කිරීමේදී ඇය පවසා තිබෙනවා.

සහරාන් හසීම් සහ ඔහුගේ ක‍්‍රියා කලාපයන් ඇය මීට පෙර මාධ්‍ය හමුවේ දැඩි ලෙස විවේචනය කර තිබුණා.

මෙයට දින කිහිපයකට පෙර සහරාන්ගේ රියැදුරු ලෙසට සැලකෙන ගෆුර් නමැත්තා ද මේ වනවිට පොලිස් අත්අඩංගුවේ පසුවනවා.

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න