සයින්දමර්දු බෝම්බකරුවන්ගේ නිවසෙන් ගත් සාම්පල පරික්ෂා කෙරේ.

0
146

කල්මුණේ සයින්දමර්දු ප්‍රදේශයේදී මරාගෙන මැරෙන බෝම්බකරුවන් රැඳී සිටි නිවසේ පරීක්ෂණ සිදු කර ඇති බව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව කියා සිටියා.

පසුගිය සතියේදී එම සාම්පල දෙපාර්තමේන්තුව වෙත ලැබී ඇති අතර ඒ පිළිබඳ විද්‍යාගාර සහ ස්ථානීය පරීක්ෂණ කටයුතු සිදු කෙරෙන බව සඳහන්.

මීට අමතරව මරාගෙන මැරෙන බෝම්බකරුවන් රැඳී සිටි දෙමටගොඩ නිවසේ සහ පාස්කු ඉරිදා ප්‍රහාර එල්ල වු ස්ථානවල ස්ථානීය පරීක්ෂණ සිදු කර ඇති අතර අදාළ විමර්ශන වාර්තා ඉදිරියේදී නිකුත් කිරීමට කටයුතු කරන බව රස පරීක්ෂක දෙපාර්තමේන්තුව පවසනවා.

මේ අතර පාස්කු ඉරිදා ප්‍රහාර වලින් ජීවිතක්ෂයට පත් වු විදේශිය ජාතිකයින් සම්බන්ධයෙන් වන ඩි.එන්.ඒ වාර්තා නිකුත් කිරිමටද කටයුතු කළ බව එම දෙපර්තමේන්තුව කියා සිටියා.

ප්‍රහාර වලින් මියගිය විදේශිය ජාතිකයින් දස දෙනෙකුගේ සිරුරු තවමත් හඳුනාගෙන නොමැති අතර විදේශිය ජාතිකයින් 31 දෙනෙකුගේ සිරුරු තානාපති කාර්යාල හරහා බාරදීමට කටයුතු කළ බව විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here