> ## Content Index
> Fetch the complete content index at: https://www.citizen.lk/llms.txt
> Use this file to discover other available public pages before exploring further.

# රාජ්‍ය රූපවාහිනී සම්මාන උළෙලේ හොඳම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය සමීර බණ්ඩාර කපුකොටුවට
- URL: https://www.citizen.lk/sameera-bandara-kapukotuwa-wins-best-teledrama-direction-at-the-state-television-awards/
- Published: 2025-12-26T06:49:05.000Z
- Updated: 2025-12-26T06:49:05.000Z
- Author: Deepali Jayasundara
- Tags: විශේෂාංග

2025 රාජ්‍ය රූපවාහිනි සම්මාන උළෙල පසුගිය 23 වැනිදා ජාතික කෞතුකාගාර ශ්‍රවණාගාරයේ දී බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවිගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා .

එහිදී 2025 වසරේ රූපවාහිනී වැඩසටහන් සහ නාට්‍ය ක්ෂේත්‍රයට අදාළව මෙහිදී සම්මාන පිරිනැමුණු අතර ජාතික රූපවාහිනියේ විකාශය වූ "අපි" ටෙලි නාට්‍ය සම්මාන 11කට නිර්දේශ වී සම්මාන හතක් ලබා තිබෙනවා.

ඒ අනුව,

- හොඳම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය - සමීර බණ්ඩාර කපුකොටුව
- හොඳම ටෙලි නාට්‍ය කැමරා අධ්‍යක්ෂණය - සිසිකිරණ පරණවිතාන
- හොඳම සංස්කරණය - ශාන් අල්විස්
- හොඳම සංගීත අධ්‍යක්ෂණය - මිලින්ද තෙන්නකෝන්
- හොඳම ශබ්ද පරිපාලනය - විශ්ව ද සිල්වා
- හොඳම නිළිය - උමාලි තිලකරත්න
- හොඳම සහය නළුවා - චම්පික ප්‍රියදර්ශන
- හොඳම තිර රචනය - සමීර බණ්ඩාර කපුකොටුව (නිර්දේශිත)
- හොඳම ටෙලි නාට්‍ය නළුවා - හසිත වැන්දබෝනා (නිර්දේශිත)
- හොඳම කලා අධ්‍යක්ෂණය - අශෝක් වාස් (නිර්දේශිත)
- හොඳම අංගරචනය - ලසිත අමරබන්දු (නිර්දේශිත)

'අපි' ප්‍රාසාංගික ටෙලිනාට්‍ය විශේෂ හැකියා සහිත මිනිසුන්ගෙ ජීවත තේමා කරගනිමින් නිර්මාණය කර තිබීමද මෙහි විශේෂත්වයක් වනවා.

![](https://www.citizen.lk/content/images/2025/12/WhatsApp-Image-2025-12-26-at-11.53.34-AM.jpeg)

![](https://www.citizen.lk/content/images/2025/12/WhatsApp-Image-2025-12-26-at-11.53.30-AM.jpeg)

![](https://www.citizen.lk/content/images/2025/12/WhatsApp-Image-2025-12-26-at-11.53.33-AM.jpeg)

![](https://www.citizen.lk/content/images/2025/12/WhatsApp-Image-2025-12-26-at-11.53.35-AM.jpeg)

![](https://www.citizen.lk/content/images/2025/12/WhatsApp-Image-2025-12-26-at-11.53.24-AM.jpeg)

![](https://www.citizen.lk/content/images/2025/12/WhatsApp-Image-2025-12-26-at-11.53.37-AM.jpg)