සජිත්ගේ බදුලු රැලිය අදයි.

0
42

ඉදිරි ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පෙරමුණේ අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා නම් කරන ලෙස ඉල්ලමින් අද (12දා) බදුල්ල වීල්ස් පාක් ක්‍රීඩාංගණයේදී ජනරැලියක් පැවැත්වෙනවා.

අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා විසින් මෙම රැලිය සංවිධානය කර තිබෙනවා.

ජනාධිපතිවරණ අපේක්ෂයෙකු ලෙස සජිත් ප්‍රේමදාස මහතා නම් කළ යුතු බව පවසමින් ජනරැලි මාලාවක් රට පුරා පැවැත්වීමට නියමිත අතර එහි පළමු රැළිය මෙය වන බවයි දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ.