සජිත් – එක්සත් ජාතික පෙරමුණු නායකයන් හමුව අද (14)

අද දිනයේ (14) අමාත්‍ය සජිත් ප්‍රේමදාස සහ එක්සත් ජාතික පෙරමුණ සමඟ එක්ව සිටින එ.ජා.ප ය හැර වෙනත් පක්ෂ වල නායකයන් අතර හමුවක් අද පැවැත්වීමට නියමිතයි.

ඒ නම සඳහන් නොකළ එක්සත් ජාතික පෙරමුණු ජ්‍යෙෂ්ඨ නායකයෙකුගේ පෞද්ගලික නිවසේදී ය.

පසුගිය දා අගමැති රනිල් සහ ඇමති සජිත් අරලියගහ මැදුරේ දී හමුවිය. එහි අරමුණ වුයේ පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා පිළිබඳ අවසන් තීරණයකට එළඹීමයි.

එහි දී ගන්නා ලද තීරණයකට අනුව අමාත්‍ය සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකයා වන්නේ නම් එක්සත් ජාතික පෙරමුණු සෙසු පක්ෂ වල සහය ලබා ගැනීම සඳහා සාකච්ඡා කිරීමට යෝජනා වී ඇත.

ඒ අනුව සජිත් ප්‍රේමදාස අමාත්‍ය වරයා අද එක්සත් ජාතික පෙරමුණු නායකයන් හමු වනු ඇත.

ඔහු මීට පෙර දී යාපනය සංචාරයක් අතරතුර දෙමළ සන්ධාන නායකයන් ද හමුවී සාකච්ඡා කළේ ය.