තීරණාත්මක සාකච්ඡාව අවසානයේ සජිත්ගේ අදහස්

අද දින තීරණාත්මක එක්සත් ජාතික පෙරමුණු සාකච්ඡාව අවසානයේ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මාධ්‍ය වෙත අදහස් පල කළේ ය.

සුභවාදීව සාකච්ඡා අවසන් වූ බවත් ඉතාමත් කෙටි කාලයක් තුල එක්සත් ජාතික පෙරමුණේ ඉදිරි පියවර දැනගත හැකි වනු ඇති බවත් සජිත් ප්‍රේමදාස පවසයි.

අද දිනයේ තීරණාත්මක සාකච්ඡා සඳහා සජිත් ප්‍රේමදාස, රනිල් වික්‍රමසිංහ සහ කරු ජයසූරිය යන අමාත්‍ය වරු තිදෙනා එක්වන බව වාර්තා වී තිබිණි.

කෙසේ වෙතත් සජිත් ප්‍රේමදාස අමාත්‍ය වරයා සඳහන් කළේ අද දින සාක්ච්ඡාවට ඔහු සමඟ රන්ජිත් මද්දුම බණ්ඩාර, රාජිත සේනාරත්න, කබීර් හෂීම් සහ අග්‍රාමාත්‍ය වරයා සම්බන්ධ වූ බවයි.

කෙසේ වෙතත් එක්සත් ජාතික පෙරමුණේ අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස අමාත්‍ය වරයා නම් කෙරෙන බව හෝ නොකෙරෙන බව ඉඟි කෙරෙන කිසිඳු අදහසක් සජිත් ප්‍රේමදාස අමාත්‍ය වරයා පළ නොකිරීමට ප්‍රවේශම් විය.