තමන් ජනපති වන බව සජිත් කියයි.

සංවර්ධනය තුලින් මාතෘ භූමියට අගය එකතු කරන වැඩපිළිවෙලක් ඉදිරියේදි ආරම්භ කරන බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

බදුල්ල වීල්ස් පාර්ක් පිටියයෙදී අද (12) සංවිධානය කර තිබු විශේෂ උත්සවය අමතමින් ඔහු මේ බව කියා සිටියා.

තරුණ ජවය මුල් කර ගත් නවීන ආර්ථික ක්‍රමයක් රට තුල බිහි කරන බවත්, තම පියා ජනතාව වෙනුවෙන් ජීවිතය පුජා කළ සේම තමන්ද ජනතාවට වෙනුවෙන් ජිවිතය පරිත්‍යාග කිරීමට සුදානම් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

එමෙන්ම ජනතාවගේ සහයෝගයෙන් එළබෙන නොවැම්බර් මාසයේදි තමන් යා යුතු ඉහළම තැනට යන බවද අමාත්‍යවරයා එහිදි ප්‍රකාශ කළා.

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න