සජිත් පාක්ෂිකයින් සමඟ ඉදිරි ගමන සාකච්ඡා කරයි.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මේ වන විට සිය පාක්ෂිකයින් සමඟ පිළිසඳරක නිරත වෙමින් සිටි.

ආසන සංවිධායකවරුන් ඇතුළු පාක්ෂිකයින් සමඟ ඉදිරි ගමන් මග පිළිබඳව සාකච්ඡා කිරිම මෙම හමුවේ අරමුණ වී ඇති බව වාර්තාවේ.

මෙම උත්සවය සිරිකොත පක්ෂ මූලස්ථානයේදී අද (21) පෙරවරු 11ට පැවැත්විමට මීට පෙර සැලසුම් කර තිබුණ ද ඊයේ පස්වරුවේ විශේෂ ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේ එම උත්සවය අද දිනයේ නොපැවැත්වෙන බවයි.

සිරිකොත පක්ෂ මූලස්ථානය නොලැබුණ ද සජිත් ප්‍රේමදාස මහතාගේ කොළඹ පිහිටි ප්‍රධාන ජනාධිපතිවරණ මෙහෙයුම් කාර්යාලයේදී මෙම උත්සවය පැවැත්විමට සැලසුම් කර ඇති බව රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා සඳහන් කළේය.

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න