> ## Content Index
> Fetch the complete content index at: https://www.citizen.lk/llms.txt
> Use this file to discover other available public pages before exploring further.

# ප්‍රවීණ මාධ්‍යවේදී සජීව විජේවීර අභාවප්‍රාප්ත වෙයි
- URL: https://www.citizen.lk/sajeewa-wijeweera-has-pass-away/
- Published: 2026-03-08T03:18:12.000Z
- Updated: 2026-03-08T03:18:49.000Z
- Author: Dhanu Kulathunga
- Tags: පුවත්

March 08 (Citizen.lk News) - ​දශක කිහිපයක් පුරා මෙරට මාධ්‍ය ක්ෂේත්‍රයේ සුවිශේෂී සලකුණක් තැබූ ප්‍රවීණ මාධ්‍යවේදී සජීව විජේවීර මහතා ඊයේ (07) දහවල් අභාවප්‍රාප්ත වුණා. 

අභාවප්‍රාප්ත වන විට ඒ මහතා 51 වන වියේ පසු වුණා. 

​වකුගඩු රෝගී තත්ත්වයක් හේතුවෙන් කාලයක සිට පීඩා විඳි ඔහු, ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස සමුගෙන තිබෙනවා.

​සිරස රූපවාහිනී නාලිකාවේ විධායක වැඩසටහන් නිෂ්පාදකයෙකු ලෙස වසර කිහිපයක් සේවය කළ සජීව විජේවීර මහතා, එදිනෙදා පරිසර සංරක්ෂණය පිළිබඳ ජනතාව දැනුවත් කළ "පරිසරයට විනාඩියක්" වැඩසටහන හරහා මෙරට ප්‍රේක්ෂකයින් අතර මහත් ප්‍රසාදයට පත්වුණා. 

​අනතුරුව පුවත්පත් කලාවට පිවිසි ඒ මහතා, ලංකාදීප පුවත්පතේ විශේෂාංග ලේඛකයෙකු ලෙස කටයුතු කරමින් පරිසරය, වනජීවී සහ පුරාවිද්‍යාව පිළිබඳ හරවත් ලිපි රැසක් පාඨකයා වෙත තිළිණ කළේය. ඔහු මාධ්‍යවේදියෙකු ලෙස පමණක් නොව, දක්ෂ පරිසර ඡායාරූප ශිල්පියෙකු ලෙස ද ක්ෂේත්‍රයේ කටයුතු කළේය. 

​ඒ මහතාගේ දේහය මේ වන විට ගාල්ල, වක්වැල්ල පාරේ පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කර ඇති අතර, අවසන් කටයුතු අද (08) පස්වරු 6.00 ට ගාල්ල දඩල්ල පොදු ආදාහනාගාරයේදී සිදු කිරීමට නියමිතව ඇත. ​