සහරාන් තවමත් ජීවත් වන බවට සැකයක්.

ෂැන්ග්රි-ලා හෝටලයේදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් මියගිය බව කියන තව්හීඩ් ජමීත් (NTJ) නායක Zahran Hashim ගේ මරණයට ගැන සැක සහිත බව බුද්ධි අංශ පවසනවා.

බෝම්බ ප්‍රහාරය සඳහා එක් මරාගෙන මැරෙන බෝම්බකරුවකු සහ සාරාන් ප්‍රහාරයට පැමිණ ඇති බව බුද්ධි අංශ විසින් සැක කරන නමුත් බෝම්බ පිපිරීමකින් ඔහු සියදිවි හානිකරගෙන නොමැති බවටයි බුද්ධි අංශ සැක පහල කරන්නේ. ඒ වෙනුවට ඔහු දුර සිට බෝම්බය පුපුරුවා හරින්නට ඇති බවට සැක කරනවා.

මෙයට ආසන්නතම හේතුව වන්නේ මියගිය මරාගෙන මැරෙන බෝම්බකරුගේ රූපය සහ සාරාන්ගේ ඡායාරූප අතර වෙනසක් තිබීමයි. මෙම කරුණ සනාථ කිරීම සඳහා DNA පරීක්ෂණ සිදු කෙරෙමින් පවතිනවා.

NTJ හි නිර්මාතෘ වන සහරාන් ISIS සහාය ලබාගෙන ඇති අතර, මරාගෙන මැරෙන බෝම්බකරුවන් පුහුණු කිරීම සඳහා වෙහෙස මහන්සි වී කටයුතු කර තිබෙනවා. තම සංවිධානයට දෙවැනි නායකයෙකු ලෙස නාමන් නමැත්තෙකු නම් කර නැතැයි අනාවරණය වී තිබෙනවා.

තම සංවිධානයේ ක්‍රියාකාරකම් අත්හැරීමෙන් සියදිවි නසාගත් පුද්ගලයකු ලෙස ඔහු මැරීමට නොහැකියැයි බුද්ධි අංශ තවදුරටත් ප්‍රකාශ කර සිටිනවා.

ඩේලි නිව්ස් ඇසුරෙන්.