> ## Content Index
> Fetch the complete content index at: https://www.citizen.lk/llms.txt
> Use this file to discover other available public pages before exploring further.

# ජයිශංකර් අද ජනපති හමුවෙයි
- URL: https://www.citizen.lk/s-jaishankar-to-meet-president-anura-kumara-today/
- Published: 2025-12-23T04:39:45.000Z
- Updated: 2025-12-23T04:39:45.000Z
- Author: Dhanu Kulathunga
- Tags: දේශපාලන

දිවයිනට පැමිණ සිටින ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවීමට නියමිතව තිබෙනවා.

විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ, අද (23) පෙරවරුවේ මෙම හමුව පැවැත්වෙන බවයි.ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් ඊයේ (22) පස්වරුවේ ඉන්දීය ගුවන් හමුදාවට අයත් විශේෂ යානයකින් මෙරටට පැමිණීයා.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ විශේෂ නියෝජිතයෙකු ලෙස එස්. ජයිශංකර් මෙම සංචාරය සිදුකරන බවයි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශ සඳහන් කර ඇත්තේ.

දිට්වා සුළි කුණාටුවෙන් බලපෑම් එල්ල වූ ශ්‍රී ලංකාවට ඉන්දීය රජයේ සහයෝගය තවදුරටත් තහවුරු කිරීම ඉන්දීය විදේශ අමාත්‍යවරයාගේ සංචාරයේ අරමුණ වී ඇති බව සඳහන් වනවා.

විදේශ කටයුතු අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ, ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් සංචාරය නිමාකර අද පස්වරුවේ දිවයිනෙන් පිටත්ව යාමට නියමිත බවයි.