රුසියාව ලෝකයටම ඇටවූ උගුල Face App. තිරය පිටුපස කතාව මෙන්න.

Face App යොදාගෙන ඡායාරූප සංස්කරණය කිරීම මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ රැල්ලක් බවට පත්ව තිබෙනවා. කෙසේ වෙතත් මෙම Face App එකේ ඔබ දැනගත යුතුම තොරතුරු මෙම ලිපිය හරහා ඔබ වෙත ගෙන ඒමට අප සූදානම්.

Face App නිෂ්පාදනය වුණ රට වන්නේ රුසියාව. මේ Face App එක මුලින්ම ඔවුන් නිකුත් කරන්නේ 2017 වර්ෂයේදී. එහිදී මෙම App එක හරහා සිද්ධ වුණේ තමන්ගේ රූපය තරුණ හෝ මහළු කෙනෙක් විදිහට හදාගන්න පුළුවන් වුණ එක.

Face App භාවිතා කරන්නන් සමහර පුද්ගලික රහස්‍යතා ගැටළු ඉස්මතු කර ඇති බවත්, මිනිසුන් ඔවුන්ගේ පුද්ගලික ඡායාරූප රුසියානු සංවිධානයක් වන රැහැන් රහිත විද්‍යාගාරය සතු සමාගමට භාර දෙන බවත් ඇමරිකානු නීතිවේදිනියක් වන එලිසබෙත් පොට්ස් වෙයින්ස්ටයින් තම නිළ Twitter ගිණුම හරහා ප්‍රසිද්ධ කර තිබෙනවා. එහිදී ඇය පෙන්වා දෙන්නේ මෙම Face App යෙදුම ඔබේ දුරකථනය භාගත කරන අවස්ථාවේදී ඔබ විසින් ඔවුන්ගේ එම කොන්දේසි සහිත ලියවිල්ලට එකඟවීම නිසා ඔබට ඒ ගැන කිසිඳු නීතිමය පියවරක් ගත නොහැකි බවයි.

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න