රොෂාන් මහානාමගේ දේශපාලනයේ ඇත්ත කතාව

හිටපු ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩක රොෂාන් මහානාම, තමන් කිසියම් ජනාධිපති අපේක්ෂකයෙකුට සහය දෙන බවට පළ වන වාර්තා ප්‍රතික්ෂේප කරයි. ඔහු තම නිල ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් මෙම අදහස් පළ කර තිබේ.

ඔහු වැඩි දුරටත් පෙන්වා දෙන්නේ දේශපාලඥයෙකුගේ බැනරය යට සිටිමින් කටයුතු කිරීම තමාගේ ප්‍රතිපත්තිය නොවන අතර රට වෙනුවෙන් දිගින් දිගටම කටයුතු කිරීම තම අපේක්ෂාව බවයි. එමෙන්ම මෙම වැරදි තොරතුර නිවැරදි විය යුතු බව ඔහු වැඩි දුරටත් අවධාරණය කරයි.

රට වෙනුවෙන් සේවය කිරීමට බලය අවශ්‍ය නොවන බවත් තම සමාජ සේවා දිගින් දිගටම කරගෙන යන බවත් ඔහු එම සටහනේ වැඩිදුරටත් සඳහන් කරයි.