> ## Content Index
> Fetch the complete content index at: https://www.citizen.lk/llms.txt
> Use this file to discover other available public pages before exploring further.

# රඛිතට ස්ලීප් ඇප්නියා , චරිත්ට හෘදයාබාධ - ඇප ප්‍රධානය කරන ලෙස නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලයි.
- URL: https://www.citizen.lk/rkhittt-sliip-aepniyaa-crittt-hrdyaabaadh-aep-prdhaany-krn-les-niitijnyvryaa-adhikrnnyen-illyi/
- Published: 2026-06-25T05:29:00.000Z
- Updated: 2026-06-26T09:11:41.000Z
- Author: Deepali Jayasundara
- Tags: දේශපාලන

June 25 (Citizen News) - පාතාල නායක "හරක් කටා" හා සම්බන්ධ රුපියල් මිලියන 120 ක අල්ලස් ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ නීතිඥ රඛිත රාජපක්ෂ සහ හොරණ SJB සංවිධායක චරිත් අබේසිංහගේ ඇප අයදුම් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඇප ඉල්ලා සිටිමින් චරිත් අබේසිංහගේ නීතිඥවරයා අධිකරණයට සඳහන් කර ඇත්තේ ඔහු දරුණු හෘද රෝගයකින් පෙළෙන බවත්, දැනටමත් ස්ටෙන්ට් තුනක් ඇතුළත් කර ඇති බවත්, තවත් ස්ටෙන්ට් පහක් අවශ්‍ය බවත්ය. රඛිත රාජපක්ෂගේ නීතිඥවරයා ඔහු නින්දෙන් හුස්ම හිරවීමේ (Sleep Apnea) රෝගයකින් පෙළෙන බවත්, රිමාන්ඩ් භාරයේ දී ප්‍රමාණවත් ප්‍රතිකාර නොලැබෙන්නේ නම් බරපතල සෞඛ්‍ය අවදානමක් ඇති වේ යැයි අනතුරු අඟවා තිබෙනවා.

මෙහිදී "හරක් කටා" 2023 දී බූස්ස බන්ධනාගාරයේ සිට වෙනත් බන්ධනාගාරයකට මාරු කිරීමටත්, ඔහු රඳවා තබා ගැනීමේ නියෝගය අවලංගු කිරීමටත් පහසුකම් සැලසීම සඳහා මිලියන 120 ක් ඉල්ලා ගත් බවට චෝදනා ගොනු කර ඇති අතර අල්ලස් කොමිෂන් සභාව විසින් ඒ අනුව ඇප ලබා දීමට විරුද්ධ විය.

දෙපාර්ශ්වයේම කරුණු සලකා බැලීමෙන් අනතුරුව සැකකරුවන්ට පවතින රෝගී තත්ත්වයන් සම්බන්ධයෙන් වූ අදාළ වාර්තාවලින් එම රෝගී තත්ත්වයන් පිළිබඳව නිශ්චිත කරුණු දැක්වීම් ඉදිරිපත් වී නොමැති හේතුවෙන් ඔවුන්ගේ ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප කරන බවට මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

ඒ අනුව, සැකකරුවන් ජූලි මස 03 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාරය තුළදී ඔවුන්ට අවශ්‍ය ආරක්ෂාව සලසා දීමට පියවර ගන්නා ලෙසත් නියම කළා.