පාසල් කාලයේ මිතුරාගේ අවසන් තරඟය බලන්න රිහානා එයි.

0
191

මේ දවස්වල ලෝකයේම අවධානයකට ලක්ව තිබෙන පුවතක් තමයි ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය කියන්නේ .

මෙම තරඟාවලියේ ඊයේ පැවති කොදෙව් -ශ්‍රී ලංකා ක්‍රිකට් තරඟාවලිය නැරඹීමට පැමිණ සිටි සුවිශේෂී චරිතයක් පිළිබඳව කාගේත් අවධානයයෝ වුණා. ඒ තමයි සුරූපී පොප් ගායිකා රිහානා Durham හි පැවති මෙම සුපිරි තරඟය නැරඹීමට පැමිණ සිටීමයි. ඇයගේ මෙම අනපේක්ෂිත පැමිණීම ප්‍රේක්ෂකයින් මවිතයට පත් කිරීමට සමත් වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

ඇය මෙලෙස පැමිණ තිබෙන්නේ සුපිරි ක්‍රීඩක ක්‍රිස් ගේල් ඇතුළු බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සදහා සහයෝගය දැක්වීම සඳහායී. ඒ වගේම රිහානාගේ පාසල් සමකාලීන මිත්‍රයෙක් තමයි ක්‍රිස් ගේල්. ඉතින් මේ නිසා ක්‍රිස් ගේල්ගේ අවසාන තරඟය නැරඹීමට රිහානා පැමිණ සිටියා කියලයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

එම අවස්ථාවේදී කැමරා ඇසට ගැටුණු ඇයගේ ඡායාරූපයක් පෙළක් තමයි මේ.