රිහානා ලොව ධනවත්ම ගායිකාව වෙයි.

0
93

රිහානා කියන්නේ ලොව සුප්‍රසිද්ධ ගායිකාවක්. මේ වන විට ඇය ලොව ධනවත්ම ගායිකාව ලෙස හඳුන්වනවා. ඒ ෆෝබ්ස් සඟරාව විසින් වාර්ෂිකව නිකුත් කරන ලොව ධනවතුන්ගේ වාර්තාවට අනුවයි.

වසර තුනකින් සංගීත ඇල්බමයක් නිකුත් කර නැති නමුත් ව්‍යාපාර කටයුතුවල පිහිටෙන් මේ වනවිට ඇගේ සමස්ත වත්කම ඩොලර් මිලියන 600ක් පමණ වෙනවා.

රිහානාගේ රූපලාවන්‍ය නිෂ්පාදන සන්නාමය වන Fenty ඊට වැඩි දායකත්වයක් ලබා දී තිබෙනවා. එමෙන්ම ඇය මෙවර ඉදිරියට පැමිණියේ පසුගිය වසර වල ධනවතුන්ගේ ලැයිස්තුවේ ඉහළින් සිටි බියොන්සේ හා මැඩෝනා පරදවමින්.31 හැවිරිදි රිහානා – රොබින් රිහානා ෆෙන්ටි – සිය රූපලාවන්‍ය නිෂ්පාදන සන්නාමය එළිදැක්වූයේ 2017 සැප්තැම්බර් මාසයේදී.

මේ වනවිට ලොව ධනවත් සංගීතවේදිනියන්ගේ ලැයිස්තුව පරිදි රිහානා ඩොලර් මිලියන 600 ක වත්කමක්ද, මැඩෝනා ඩොලර් මිලියන 560 වත්කමක්ද, සෙලීන් ඩියෝන් ඩොලර් මිලියන 440 ක වත්කමක්ද, බියොන්සේ ඩොලර් මිලියන 400 ක වත්කමක්ද උපයා ඇති බව වාර්තා වෙනවා.