ස්විස් තානාපති නිලධාරිනිය ස්විට්සර්ලන්තයට රැගෙනයාමට ඉල්ලීමක්

පසුගියදා පැහැරගැනීමට ලක් වූ බව කියන මෙරට ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ ශ්‍රී ලාංකික නිලධාරිනියව ගුවන් මගින් ස්විට්සර්ලන්තයට රැගෙනයාමට මෙරට ස්විස් තානාපතිවරයා සහ ස්විට්සර්ලන්ත විදේශ කටයුතු ආමත්‍යාංශය ශ්‍රි ලංකා රජයෙන් ඉල්ලීමක් කළ බව විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (04) සදහන් කලා.

කෙසේවෙතත් අධිකරණයේ අවසරයකින් තොරව විදෙස්ගතවීම වළක්වාලමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය මේ වන විටත් අදාල නිලධාරිනියට එරෙහිව නියෝගයක් නිකුත් කර තිබෙනවා.

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න