> ## Content Index
> Fetch the complete content index at: https://www.citizen.lk/llms.txt
> Use this file to discover other available public pages before exploring further.

# පේරාදෙණිය කළු පාලම අලුත්වැඩියා කටයුතු ආරම්භ වෙයි
- URL: https://www.citizen.lk/repair-work-on-the-peradeniya-black-bridge-begins/
- Published: 2025-12-29T07:35:07.000Z
- Updated: 2025-12-29T07:35:07.000Z
- Author: Dhanu Kulathunga
- Tags: දෙස්

දිට්වා සුළි කුණාටුව සමඟ හටගත් ගංවතුරෙන් දැඩි ලෙස හානි වූ පේරාදෙණිය කළු පාලම අලුත්වැඩියා කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉදිකිරීම් භාර ප්‍රධාන ඉංජිනේරු අනුර සේමසිංහ සඳහන් කළේ, අප්‍රේල් 28 වන විට මෙහි ඉදිකිරීම් නිම කරවා භාර දීමට සැලසුම් කර ඇති බවයි.

මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා රුපියල් මිලියන 238 ක මුදලක් ඇස්තමේන්තු කර ඇති බවත්, මෙය 100% ක් දේශීය ඉංජිනේරුවන්ගේ සහයෙන් සිදු වන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.