පුජ්‍ය පක්ෂය දේශපාලනයෙන් ඉවත් විය යුතුයි – කාදිනල් හිමිපාණන්

පුජ්‍ය පක්ෂය දේශපාලන වේදිකාවට ගොඩවීමෙන් රටට අත් කරදෙන්නේ විශාල විනාශයක් බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියන් පවසනවා.

උන්වහන්සේ සඳහන් කරන්නේ පූජ්‍ය පක්ෂය දේශපාලන වේදිකාවන්වලට ගොඩවීම වෙනුවට දේශපාලන වේදිකාවෙන් පිටත සිට රටට නායකත්වය ලබා දිය යුතු බවයි.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ රුහුණු විශ්ව විද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය සඳහා සහභාගී වෙමින්.

දේශපාලන නායකයින් තෝරා ගැනීමේදී ජනතාව බුද්ධිමත්ව කටයුතු කළ යුතු බව ද අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් එහිදී අවධාරණය කළා.

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න