කොදෙව් පිළ පරාජය කරන්න “රන්වීර් සිං” තෝරාගනී. (PHOTOS)

1983 දී බටහිර ඉන්දියා කොදෙව් පිල පරදවා ඉන්දියාව ලෝක කුසලානය දිනා ගැනීමට සමත් වුණා. එය පසුබිම් කරගනිමින් කබීර් ඛාන් විසින් චිත්‍රපටයක් නිර්මාණය කරන්න සැරසෙනවා කියලයි ආරංචි.

එය 83 චිත්‍රපටය ලෙස හඳුන්වන අතර එහි කපිල් දේව් ගේ චරිතයට පණ පොවන්න රන්වීර් සිං තෝරාගෙන තිබෙනවා. පසුගිය දා 83 චිත‍්‍රපට කණ්ඩායමත් රන්වීර් සිං එක් උත්සව අවස්ථාවකට සහභාගී වුණා. ඒ ක්‍රිකට් පුරාවෘත්ත ලෙස හැඳින්වෙන සචින් තෙන්ඩුල්කාර්, සර් විවියන් රිචර්ඞ්ස් සහ වසීම් සමඟයි.

එමෙන්ම ඔහු එම අවස්ථාව සිහිවීමට ක්‍රීඩා තරු විසින් අත්සන් කරන ලද කි‍්‍රකට් පිත්තක් වෙන්දේසියකින් මිලදී ගෙන තිබෙනවා. එයට ඔහු ගෙවූ මුදල පවුම් 2000ක්. ඉන්දියානු රුපියල් වලින් නම් එය ලක්ෂ 1. 75 ක් පමණ වෙනවා.

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න