රංජන්ගේ අපහාස නඩුව කල් යයි

නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා ජනමාධ්‍ය හමුවේ කර ඇති ප්‍රකාශයකින් අධිකරන පද්ධතියට හා නීතිඥයන්ට අපහාසයක් සිදු කර ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ගොනු කර ඇති නඩුවේ වාචික දේශන පෙබරවාරි මස 26 දා සිදු කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද දින නියම කළා .

මෙම නඩුවේ වාචික දේශන අද දින ආරම්භ කිරීමට නියමිතව තිබුණත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා අද දින නිවාඩු බැවින් වාචික දේශන මීළඟ දිනට කල් තබන ලදී .

අද දින මෙම නඩුව විනිසුරු සිසිර ද ආබෘ මහතා සහ විනිසුරු විජිත් මලල්ගොඩ මහතා ඉදිරියේ කැදවන ලදී.

2017 වසරේ අගොස්තු මස 21 දා නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා ජනමාධ්‍ය හමුවේ කර ඇති ප්‍රකාශය තුළින් බැලූ බැල්මට අධිකරනයට අපහාසයක් වී ඇති බව නීතිපතිවරයා මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා .

අධිකරනයට අපහාස කිරීමේ චෝදනා යටතේ මෙම පෙත්සම් මාගල්කන්දේ සුදන්ත හිමි ඇතුළු පාර්ශවයන් දෙකක් විසින් ගොනු කර තිබුණි

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න