> ## Content Index
> Fetch the complete content index at: https://www.citizen.lk/llms.txt
> Use this file to discover other available public pages before exploring further.

# රනිල්ගේ බිරිඳට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයෙන් දැනුම්දීමක්
- URL: https://www.citizen.lk/ranils-wife-receives-notice-from-the-financial-crimes-investigation-division/
- Published: 2026-02-18T10:14:20.000Z
- Updated: 2026-02-18T10:14:43.000Z
- Author: Deepali Jayasundara
- Tags: දෙස්

February 18 (Citizen.lk News) - මේ මස 20 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ බිරිඳ වන මෛත්‍රී වික්‍රමසිංහට දැනුම් දී තිබෙනවා.

ඒ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා වන අතර මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (18) දින කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.