රනිල්ගේ සහය ජවිපෙට?

ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ඊයේ (18) නම් කරනු ලැබූ අනුර කුමාර දිසානායක මහතාට සහය දිය යුතු බව තම පෞද්ගලික මතය බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබෙනවා.

“අනුර කියන්නේ හොඳ ආකර්ෂනීය අපේක්ෂකයෙක්. අනුර දක්ෂ තරුණයෙක්. අපි හැමෝම දන්නවා. අනික මිනිහට දූෂණ, වංචා චෝදනා මොකුත්ම නෑ. ඒවගේම අපි එකට වැඩ කරපු නැති මිනිස්සු නෙවෙයිනෙ. අපි අතරේ සෑහෙන අවබෝධයක් දැනටත් තියෙනවා.ඉතින් මගේ පෞද්ගලික අදහස නම් අපි මේ වෙලාවෙ අනුරට සපෝට් කරන්න ඕනෙ කියන එකයි.

පක්ෂෙම කෙනෙක් ඕනෙ කියලා නහින්න හදන්නෙ දේශපාලනේ සරල අංක ගණිතයවත් නොදන්න බබාලා. දැන් ගෝඨාභය එන්නෙ පොහොට්ටුවෙ සාමාජිකත්වය අරන්ද? නැනේ?

ටී. එන්. ඒ. එකෙයි, මුස්ලිම් පක්ෂවලයි, වතුකරේ පක්ෂවලයි සහාය ගන්න පුළුවන් නම් මේ රේස් එකට අනුර කියන්නෙ නියම අශ්වයෙක්. මේක මගේ පෞද්ගලික මතය”. යනුවෙන් එහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළ බව ආරංචිමාර්ග සඳහන් කර සිටියා.

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න