> ## Content Index
> Fetch the complete content index at: https://www.citizen.lk/llms.txt
> Use this file to discover other available public pages before exploring further.

# රනිල් ඉරාන තානාපති කාර්යාලයට යයි
- URL: https://www.citizen.lk/ranil-visits-iranian-embassy/
- Published: 2026-03-05T06:26:43.000Z
- Updated: 2026-03-05T06:26:43.000Z
- Author: Dhanu Kulathunga
- Tags: දේශපාලන

March 05 (Citizen.lk News) - ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කාමේනිගේ අභාවය පිළිබඳ ශෝකය පළ කිරීමට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (05) උදෑසන ඉරාන තානාපති කාර්යාලය වෙත ගොස් තිබෙනවා.

එහිදී රනිල් වික්‍රමසිංහ ශෝක පණිවුඩයක් සටහන් කර ඇති අතර, අනතුරුව තානාපති කාර්යාලයේ නිලධාරීන් වෙත සිය ශෝකය පළ කර තිබෙනවා.

ඉරාන නායකයාගේ අභාවය පිළිබඳ ශෝකය පළ කිරීමට මේ වනවිට කොළඹ පිහිටි ඉරාන තානාපති කාර්යාලයේ විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇත.