රනිල් – සජිත් – කරූ අද පස්වරුවේ විශේෂ සාකච්ඡාවක – සජීවී තොරතුරු

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, අමාත්‍ය සජිත් ප්‍රේමදාස සහ කතානායක කරු ජයසුරිය අතර අද පස්වරු 6ට විශේෂ සාකච්ඡාවක් අග්‍රමාත්‍ය නිල නිවසේදී පැවැත්වීමට නියමිතයි.

අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල සඳහන් කළේ එහිදී ගනු ලබන එකඟතාවයන් කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කිරීමෙන් පසු එක්සත් ජාතික පක්‍ෂයේ ජනාධිපති ධූර අපේක්‍ෂකයා පිළිබද තීරණයක් ගන්නා බවයි.

ජනාධිපති ධුර අපේක්‍ෂකයා සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදය පිළිබද මහනුවරදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.

එහිදී අදහස් ඇමතිවරයා කියා සිටියේ ” පක්ෂය තුල කිසිදු බෙදීමක් නැහැ. සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාත් කරගෙන යන්නේ පක්ෂය වෙනුවෙන් ප්‍රචාරක ව්‍යාපාරයක්. අගමැතිතුමයි සජිත් අමාත්‍යවරයායි කියන්නේ තාත්තයි පුතයි වගේ. හෙට දිනයේදී අගමැතිතුමා සහ සජිත් අමාත්‍යවරයා අතර සාකච්ජාවක් පැවැත්වෙනවා. එහිදී ගන්නා තීරණය කෘත්‍යාධිකාරී මණ්ඩලයට දැනුම් දීලා එතැනින් අවසන් තීරණය ගනීවි.