> ## Content Index
> Fetch the complete content index at: https://www.citizen.lk/llms.txt
> Use this file to discover other available public pages before exploring further.

# දුම්රිය ස්ථානාධිපතිවරු වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසෙයි
- URL: https://www.citizen.lk/railway-station-masters-prepare-for-trade-union-action/
- Published: 2026-01-20T08:43:06.000Z
- Updated: 2026-01-20T08:43:29.000Z
- Author: Deepali Jayasundara
- Tags: දෙස්

January 20 (Citizen.lk News) - ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ක්ෂණික වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණය වන බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය දැනුම් දී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පවසන්නේ නව සංශෝධනයන් ඇතුලත් දුම්රිය ස්ථානාධිපති සේවයේ බඳවා ගැනීමේ පටිපාටියේ පිටපත් 05, රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම්ගේ අත්සනට ඉදිරිපත් කිරීම ප්‍රමාද කිරීම හා එම බඳවා ගැනීමේ පටිපාටියට අදාළ අන්තකාලීන විධිවිධාන සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම දිගින් දිගටම ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම ක්ෂණික වෘත්තීය ක්‍රියාමාර්ගයට අවතීර්ණය වීමට තීරණය කළ බවය.

අදාළ ගැටලු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඇතුළු වගකිව යුතු බලධාරීන් වෙත පසුගිය 09 වනදා ලිඛිතව දැනුවත් කළ බවත් නමුත් මේ දක්වා ඊට අදාළ විසඳුම් ලබාදීමට අපොහොසත් වීම හේතුවෙන් එළැඹෙන 23 වනදායින් පසුව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය වෘත්තීය ක්‍රියාමාර්ගයකට යොමු වන බව වැඩිදුරටත් දැනුම් දී තිබෙනවා.