ට්‍රම්ප්ගෙන් පුටින්ට තර්ජන?

0
29

ඇමරිකානු මැතිවරණවලට මැදිහත් නොවන්නැයි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, රුසියානු ජනාධිපත් ව්ලැදිමීර් පුටින්ට සීතල අනතුරු ඇඟවීමක් සිදුකර තිබෙනවා.

ජී – 20 සමුළුවට සමගාමීව ජපානයේ – ඔසාකාහිදී දෙරටේ නායකයන් හමුවූ අවස්ථාවේ රුසියානු ජනපති වෙත ඇගිල්ල දිගු කරමින් සිනහ මුසු මුහුණින් විහිළුවක් ආකාරයෙන් ට්‍රම්ප් එම අනතුරු ඇගවීම සිදුකර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරනවා.

2016 ජනාධිපතිවරණයට රුසියාව මැදිහත් වූ බවට ඇමරිකානු බුද්ධි සේවා තොරතුරු වාර්තා කර තිබුණා.