පුලස්තිනී මහේන්ද්‍රන් නොහොත් සාරාගේ අම්මා කියපු කතාව.

0
223

කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයට මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කළ මොහොම්මදු හස්තුන්ගේ බිරිද වන පුලස්තිනී මහේන්ද්‍රන් නොහොත් සාරා පිළිබඳව ඇයගේ මව ඉන්දීය මාධ්‍යයට කරුණු රැසක් අනාවරණ කර තිබෙනවා.

ඇය පවසන්නේ, හින්දු භක්තිකයෙක් වන සාරා පැහැරගෙන ගොස් ඉස්ලාම් ආගමට බඳවාගෙන ඇත්තේ බලහත්කාරයෙන් බවයි.

තම දියණිය මේ වනවිට අතුරුදන් වී සිටින බවත්, දියණිය ශුද්ධ වු හින්දු කෙනෙක් බවත් ඇය සඳහන් කළා.

හස්තුන් නැමැති පුද්ගලයෙක් තම දියණිය පැහැරගෙන ගොස් ඇති බවද ඇය පැවසුවා.

තම දියණිය මෙලෙස පැහැරගෙන ගොස් ඇතතේ මඩකළපුව උපකාරක පංති සඳහා යමින් සිටි කාලයේදී බවද ඇය සඳහන් කළා.

සිය දියණිය එනතුරු ඇය තවමත් බලා සිටින බවත් දුව ජීවතුන් අතර ඉන්නවාද නැද්ද තමන් නොදන්නා බවත් දියණීය ජීවතුන් අතර හිටියහෝ ඇය සාත්‍ය පාවසාවී ලෙසට සාරාගේ මව පැවසුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here