> ## Content Index
> Fetch the complete content index at: https://www.citizen.lk/llms.txt
> Use this file to discover other available public pages before exploring further.

# කටුනායක අත්තනෝමතික ස්ථාන මාරුවට විරෝධය පා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද සංකේත වැඩවර්ජනයක
- URL: https://www.citizen.lk/public-health-inspectors-are-staging-a-token-strike-today-in-protest-against-an-arbitrary-transfer-in-katunayake/
- Published: 2026-08-21T03:20:56.000Z
- Updated: 2026-08-21T03:20:56.000Z
- Author: Dhanu Kulathunga
- Tags: පුවත්, දෙස්

August (Citizen News) - කටුනායක ගුවන්තොටුපොළ සෞඛ්‍ය කාර්යාලයේ ජ්‍යෙෂ්ඨතම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා අත්තනෝමතික ලෙස ස්ථාන මාරු කිරීමට විරෝධය පළ කරමින්, දිවයින පුරා සිටින සියලුම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් (PHI) අද (21) අසනීප නිවාඩු වාර්තා කරමින් සංකේත වැඩවර්ජනයක නිරත වෙති.

  
පෙරේදා (19) රාත්‍රියේ රැස්වූ ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් මෙම තීරණය ගත් බව එහි ප්‍රධාන ලේකම් චමිල් මුතුකුඩ ප්‍රකාශ කළේය.

  
මෙම වෘත්තීය සමුළු තීරණයත් සමඟ ඊයේ (20) සිට දිවයින පුරා සියලුම ඩෙංගු මර්දන රාජකාරී කටයුතුවලින් ඉවත් වීමටද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පියවර ගෙන තිබේ.

  
මේ අතර, සිදුව ඇති මෙම ගැටලුව සම්බන්ධයෙන් වහාම මැදිහත් වන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය විසින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ලිඛිතව දැනුම්දීමක්ද සිදුකර ඇත.