PUBG ක්‍රීඩාව නිසා ජීවිතය අහිමිවීමේ අවධානමක්.

PUBG ගැන නොදන්නා කෙනෙක් නැහැ.මේ mobile game එකට ලොකු කුඩා කවුරුත් දැන් ඇබ්බැහි වෙලා.විශේෂයෙන්ම ලංකාව සහ ඉන්දියාව.

ඒ කොහොම වුණත් අද විට PUBG Mobile, ඉන්දියාවේ විශාල ගැටළුවක් බවට පත්වී තිබෙනවා .

දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඩාල වීම, කලහකාරී භාවය වැඩි වීම වගේම විශාල ලෙස විවාහයන් දෙදරා යාමට තරම් ඉන්දියාව තුළ PUBG හේතු වී ඇති බවයි වාර්තා වෙන්නේ.

ලංකාවට ඒ තරම් බලපෑමක් මේ වන විට නැති වුණත් ගොඩක් දෙනෙක් මේ game එකට ඇබ්බැහි වෙලා තියෙනවා.

පසුගියදා ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශයේ නීමෙක් නගරයේ ෆුර්කාන් කුරේෂි නම් 16 හැවිරිදි පිරිමි දරුවා PUBG තරගයතරඟයක යෙදී සිටින අතරතුර හෘදයාබාධයකින් මියගොස් තිබෙනවා. මෙම සිදුවීම සිදුවෙලා තිබෙන්නේ මැයි 26 වනදා සවස 7 ට පමණ.

ඔහුගේ පවුලේ අය විස්තර කළ ආකාරයට ෆුර්කාන් සිය දිවා ආහාරය ගැනීමෙන් අනතුරුව PUBG ක්‍රීඩාව සෙල්ලම් කිරීම අරඹා
ඇති අතර ෆුර්කාන්ගේ සහෝදරිය වන ෆීසා කුරේෂි සිද්ධිය සිදුවූ විට ඔහු අසල හිද තිබෙනවා . “මගේ සහෝදරයා ඔහුගේ මිතුරන් කිහිපදෙනෙකු සමඟ PUBG සෙල්ලම් කරමින් සිටියා. හදිසියේම, පිපිරීම සිදු කරන්න’ කියා ඔහු කෑ ගැසුවා.
එවිට ඔහු ඔහුගේ ඉයර් ෆෝනය සහ ජංගම දුරකථනය ඉවතට විසිකරලා අඩමින් ‘අයන් මම ඔබ සමඟ සෙල්ලම් කරන්නේ නැහැ ‘ ඔයා නිසා මම පැරදුනා. එවිටම ඔහු බිම ඇද වැටුණා ” ලෙස ඇය සිදුවීම විස්තර කර තිබුණා.

පසුව ඔහුගේ පවුලේ අය ඔහුව ළඟම තිබෙන රෝහලට රැගෙන ගොස් තිබෙනවා. ඔහුව රෝහලට රැගෙන එන්නට පෙරම මියගොස් ඇති බව වෛද්‍යවරුන් පවසා තිබුණා.

නමුත් වෛද්‍යවරු හෘදස්පන්දනය නැවත ගැනීමට උත්සහ කර ඇති අතර එය ද අසාර්ථක වී තිබෙනවා. මෙලෙස ක්‍රීඩාව පරාද වූ නිසා ඇතිවුණ ක්ෂණික කෝපය හෘදයාබාදය ඇතිවීමට හේතු වී ඇති බව වෛද්‍යවරුන් පවසනවා. වෛද්‍ය තුමා වැඩිදුරටත් කියා සිටියේ, ළමුන් මේ ක්‍රීඩාවෙන් ඈත් වී සිටීම සුදුසු බවයි.

ෆුර්කාන්ගේ සොහොයුරු මොහොමඩ් හසිම් ඔහුගේ සොහොයුරාගේ කණගාටුදායක අභාවයෙන් පසු PUBG Mobile පිළබදව මෙලෙස ප්‍රකාශ කර තිබුණා.”මමත් එම ක්‍රීඩාව ක්‍රීඩා කිරීමට පුරුදු වී සිටියා මගේ සොහොයුරාගේ මරණයෙන් පසුව මාගේ ජංගම දුරකථනයෙන් එය මකා දැමුවා ”

මෙවැනි ක්‍රීඩා නිසා ඇතිවෙන බලපෑම් පිළිබදව අපි හැමකෙනෙක්ම අවබෝධයෙන් සිටිය යුතු වෙනවා. මේ වගේ ක්‍රීඩා වලින් වැඩිහිටියන් මෙන්ම දරුවන්ගේ ද මනස විකෘති කරනවා.

ඒ නිසා ඔබේ දරුවත් මෙවැනි ක්‍රීඩා වලින් ඈත් කර තබාගන්නා ලෙස CITIZEN අපි මතක් කරනවා.