මහේෂ් ජනාධිපති තරඟයෙන් ඉවත්වන බවට වන ප්‍රචාර අසත්‍යයි !

ජාතික ජනතා පක්ෂයේ ජනාධිපති අපේක්ෂක මහේෂ් සේනානායක
ජනාධිපතිවරණයෙන් ඉවත් වන බවට වන ප්‍රචාර අසත්‍ය බව ඔහුගේ මාධ්‍ය ප්‍රකාශක සඳහන් කරනවා.

කමල් අබේසිංහ ඒ සම්බන්ධයෙන් කල මාධ්‍ය නිවේදනය පහතින්.

විශේෂ මාධ්‍ය නිවේදනයයි

ජාතික ජනතා පක්ෂයේ ජනාධිපති අපේක්ෂක හිටපු හමුදාපති මහේෂ් සේනානායක මහතා ජනාධිපති තරඟයෙන් ඉවත්වී යම් කණ්ඩායමක අපේක්ෂකයෙකු හට සහාය පලකරන බවට විවිධ පුවත්පත්, රුපවාහිනී, වෙබ් අඩවි, සමාජ ජාලා මාධ්‍ය මගින් පලකරන පුවත් වල කිසිදු සත්‍යතාවයක් නොමැති බව අවධාරණය කර සිටිමු. මෙවැනි අසත්‍ය පුවත් මාධ්‍යවල ප්‍රචාරණය කිරීම තුලින් මහේෂ් සේනානායක මහතාගේ මැතිවරණ ප්‍රචාරක සහ ප්‍රවර්ධන කටයුතු වලට අහිතකර ලෙස බලපාන බැවින් ඉදිරියේදී එවැනි පුවත් පලකිරීමට පෙර අපගෙන් විමසා සත්‍ය අසත්‍යතාවය තහවුරු කරගන්නා ලෙසද සියලුම මාධ්‍යවේදීන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු

මෙයට,

කමල් අබේසිංහ – මාධ්‍ය ප්‍රකාශක – ජනාධිපති අපේක්ෂක මහේෂ් සේනානායක මැතිවරණ ව්‍යාපාර මෙහෙයුම් කමිටුව

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න