අගමැති කුසලාන රග්බි අවසන් තරඟයට තහනමක්.

0
6

අගමැති කුසලාන අන්තර් පාසල් රග්බි තරගාවලියේ ඊයේ (19) පැවැත්වීමට තිබූ අවසන් මහා තරගය වළක්වමින් අතුරු තහනම් නියෝගයක් පැනවීමට කොළඹ දිසා අධිකරණය පියවර ගෙන ඇති අතර ඒ කොළඹ ආනන්ද විදුහල විසින් ඉදිරිපත් කරන ලද විරෝධතාවක් සලකා බලමිනි.

මෙම තරගය කොළඹ තර්ස්ටන් හා කොළඹ ලුම්බිණි දෙවිදුහල් අතර පැවැත්වීමට නියමිතව තිබුනේ කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණ පිටියේදීයි.

කෙසේ වෙතත් මෙම තරගයට ආනන්ද විදුහල සහභාගි වීමට සුදුසුකම් ලැබ සිටියත් ඔවුන්ගේ සහභාගීත්වය අවලංගු කිරීමට ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය මීට පෙර පියවර ගෙන තිබුණා.