> ## Content Index
> Fetch the complete content index at: https://www.citizen.lk/llms.txt
> Use this file to discover other available public pages before exploring further.

# රයිස්, කොත්තු සහ තේ මිල ඉහළට
- URL: https://www.citizen.lk/prices-of-rice-kottu-and-tea-increase/
- Published: 2026-03-31T05:10:41.000Z
- Updated: 2026-03-31T05:11:03.000Z
- Author: Deepali Jayasundara
- Tags: දෙස්

March 31 (Citizen.lk News) - විදුලි ගාස්තු ඉහළ දැමීම හේතුවෙන් පවත්වාගෙන යාමේ පිරිවැය ඉහළ යාම මත අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල ගණන් ඉහළ නංවන බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය සඳහන් කරනවා.

ඒ අනුව, ප්ලේන් ටී කෝප්පයක් රුපියල් 5.00කින්, කිරි තේ කෝප්පයක් රුපියල් 5.00කින් සහ කෙටි කෑම (Short Eats) වර්ග රුපියල් 10.00කින් ඉහළ දමා තිබෙන අතර ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තු මිල රුපියල් 30.00කින් ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා.