තඹ කම්හලේ සේවකයන්ට ඇප ගැනීමට විශ්‍රාමික පොලිස් නිලධාරියෙකුගෙන් බලපෑම්?

0
237

වැල්ලම්පිටියේ තඹ කර්මාන්ත ශාලාවේ සේවකයන් නව දෙනාට ඇප ලබා ගැනීම සඳහා අවශ්‍ය වටපිටාව සැකසීමට මුස්ලිම් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකුගෙන් යම් බලපෑමක් එල්ල වී ඇතැයි ද සොයා බලන බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු පැවසුවා.

තඹ කම්හලේ හිමිකරු වූ මොහොමඩ් ඊබ්‍රාහිම් ඉන්සාෆ් අහමඩ් නැමැත්තා ඉකුත් 21 වැනි දින සිදු වූ පිපිරවීමේ මරාගෙන මැරෙන බෝම්බකරු ලෙස ක්‍රියා කළ තැනැත්තායි.

එම සිදුවීමට පසු දින එම සේවකයන් නව දෙනා අත්අඩංගුවට ගෙන එදිනම අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඉකුත් 6 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබූ බව පොලිසිය සඳහන් කළා.

මෙම නඩුව එදිනම නැවත කැඳවනු ලැබූ අවස්ථාවේ සැකකරුවන් නව දෙනා ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කෙරුණා.

මෙම සැකකරුවන් පිරිසට ඇප ලබා ගත හැකිවන පරිදි එම වාර්තා සැකසීමට පෙර විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් ස්ථානාධිපතිවරයා යම් විමසීමක් හෝ බලපෑමක් සිදු කළේ ද යන්න සොයා බලන බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා පැවසුවා.