ජනාධිපති අපේක්ෂක ගෝඨාභය අද අනුරාධපුරයට.

පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා නම් කිරීමෙන් අනතුරුව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු නියෝජිතයන් අද (12) අනුරාධපුරයට පැමිණීමට නියමිතයි.

ඒ අනුව අද රාත්‍රි 7.00ට රුවන්වැලිමහා සෑය අභියස පැවැත්වෙන ආශීර්වාද පුජාවක් සඳහා ඔවුන් සියලු දෙනා සහභාගි වී ඉන් පසුව හෙට (13) උදෑසන මෙම පිරිස ජය ශ්‍රි මහා බෝ සමිඳුන් වැඳපුදාගෙන ආශිර්වාද ලබා ගැනීමට සුදානම්.

මේ අතර පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා නම් කිරීමෙන් පසු ඊයේ පස්වරුවේ මොවුන් කැළණිය විහාරස්ථානය ගොස් ආශීර්වාද ලබා ගත් අතර එම ස්ථානයට විශාල ජනතාවක්ද එක්ව සිටි බව වාර්තා වෙනවා.

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න