නිල කාලය අවසන් වීමට පෙර මරණ දඬුවම ලබා දීමට සුදානම් – ජනපති

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ලබාදීමට පක්ෂව ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව ලැබුණහොත් තම නිල කාලය අවසන් වීමට පෙර රටේ තාරණ්‍යය වෙනුවෙන් එක් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුට හෝ මරණීය දණ්ඩනය ලබාදීමට කටයුතු කරන බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කර සිටිනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කලේ ඊයේ (20) පස්වරුවේ කොළඹ හිල්ටන් හෝටලයේ දී පැවති ජාතික තරුණ ආදර්ශ එක්සත් ජාතින්ගේ සංවිධානයේ තෙවැනි සමුළුව අමතමිනිි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියා සිටියේ තාරණ්‍යය බල ගැන්වීම සහ ඔවුන්ගේ වරප‍්‍රසාද දිනා දීම වෙනුවෙන් තම පාලන කාලය තුළ විශේෂ වැඩකොටසක් ඉටු කළ බවයි. එමෙන්ම මාධ්‍ය නිදහස උපරිමයෙන් තහවුරු කළ ඉකුත් යුගයේ වැඩිම විවේචනයට ලක් වූ පුද්ගලයා තමා වුවද ඒ කිසිවෙකුට ප‍්‍රතිප‍්‍රහාර සිදුකිරීමට තමා කටයුතු නොකළ බවත් මාධ්‍ය නිදහස මේ රටේ තාරණ්‍යය ද උපරිමයෙන් භුක්ති විදිමින් සිටින බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියේ.

තරුණයන් දේශපාලනයට පිවිසෙන්නේ නම් ඔවුන් උගතුන් විය යුතු අතර ඔවුන් පරමාදර්ශී චරිත ද විය යුතු බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා උගතුන් සිටින රටක ගැටළු අවම වන බවද කියා සිටියා.

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න