ජනපති මෛත්‍රී 2015 දුන් මැතිවරණ පොරොන්දුවක් ඉටු කිරීමට සැරසේ

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස එහි හිටපු මහ ලේකම් රෝහණ ලක්ෂ්මන් පියදාස පත් කිරිමට ඊයේ (08) තීරණය කල බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර පවසනවා.

ඊයේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වු ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේදි මෙම තිරණය ගෙන තිබෙනවා.

ජනාධිපතිවරණය අවසන් වන තෙක් රෝහණ ලක්ෂ්මන් පියදාස ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස කටයුතු කරනු ඇති බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නිර්පාක්ෂිකව සිටින බවයි නිදහස් සන්ධාන මහලේකම්වරයා ප්‍රකාශ කර සිටියේ.

මේ අතර ඉදිරි ජනාධිපතිවරණයේදි ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සහය ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට පළ කිරිමට තිරණය කල බව මහින්ද අමරවීර මන්ත්‍රිවරයා ප්‍රකාශ කර සිටියා.

2015 ජනාධිපතිවරණයේ දී ජනාධිපති මෛත්‍රී ගේ පොරොන්දු අතර නිර්පාක්ෂික ජනාධිපති වරයෙක් ලෙස කටයුතු කරන බවක් ප්‍රකාශ කර තිබුණා.

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න