ජනාධිපතිවරණ අපේක්ෂකයන් ප්‍රතිඥා දිය යුතු ආකාරය ගැන ජනපති මෛත්‍රී පහදයි.

ඉදිරි ජනාධිපතිවරණයට කුමන අපේක්ෂකයෙක් ඉදිරිපත් වුණත් මත්ද්‍රව්‍ය ජාවාරම මර්දනය කරන බවට සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම දෙන බවට ප්‍රතිඥාවක් ලබාදිය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ, පොළොන්නරුව කොටරාලගම – ජනඋදා ගම්මානය විවෘත කිරීමේ උත්සවයට එක්වෙමින්.

එම අවස්ථාවට නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස ද එක්ව සිටියා.

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න