පොහොට්ටුවේ ජනපති ප්‍රතිපත්ති ප්‍රකාශය ඔක්තෝම්බර් 8 දා එළිදකී.

0
12

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය ඔක්තෝම්බර් 8 වැනිදා කොළඹදී එළිදක්වන බව එම පක්‍ෂයේ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් මහතා අද (15) පැවසුවා.

විවිධ ක්‍ෂේත‍්‍ර නියෝජනය වන ප‍්‍රවීණයන්ගෙන් සමන්විත කමිටු 29 ක් විසින් තම පක්‍ෂයේ මැතිවරණ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය සකස් කරමින් සිටින බවත් මේ මස අවසන් වනවිට ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය සකස්කර අවසන් කරන බවත් ඔහු පැවසුවා.

පසුව ලබන මස මුල් සති දෙක තුළ මහජන සංවාදය සදහා එය ඉදිරිපත් කරන බවද මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පැවසුවා.

බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ප‍්‍රධාන කාර්යාලයේ දී අද (15) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සදහන් කළා.