අද මධ්‍යම රාත්‍රියේදී පාර්ලිමේන්තුව වාර අවසාන කරයි?

අද මධ්‍යම රාත්‍රියේදී පාර්ලිමේන්තු වාර අවසාන කිරීමේ අති විශේෂ ගැසට් නිවේදනය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිකුත් කෙරෙනු ඇති බවට වාර්තා පළවනවා.

මේ වසරේ අවසන් පාර්ලිමේන්තු සැසි වාරය හෙට දිනයේදී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

මේ සම්බන්ධයෙන් කථානායක කාර්යාලයෙන් සිදුකළ විමසීමකදී එහි නිලධාරියෙක් ප්‍රකාශ කර සිටියේ පාර්ලිමේන්තුවේ වාර අවසාන කිරීම සම්බන්ධයෙන් මේ දක්වා ජනාධිපති ලේකම් කාර්යාලයෙන් කථානායක කරු ජයසුරිය මහතා වෙත දැනුම් දීමක් සිදුකර නොමැති බවත් ජනාධිපතිවරයාගේ අභිමතය අනුව එය සිදුකල හැකි බවයි.

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න