> ## Content Index
> Fetch the complete content index at: https://www.citizen.lk/llms.txt
> Use this file to discover other available public pages before exploring further.

# අනුර ජනාධිපතිතුමාට AI Agent වරු අවශ්‍යව තිබේ
- URL: https://www.citizen.lk/president-anuradha-needs-ai-agents/
- Published: 2026-04-06T01:51:38.000Z
- Updated: 2026-04-06T01:57:41.000Z
- Description: මාධ්‍යවේදි සදුන් අරෝෂ ප්‍රනාන්දුගේ ෆේස්බුක් සමාජ මාධ්‍ය ගිණුමෙන් උපුටා ගන්නා ලදී.
- Author: Citizen News

April 06 (Citizen.lk News) - මේ වනවිට මැදපෙරදිග යුදමය වතාවරණය , ගල් අගුරූ ප්‍රශ්නය , ජලාශ වල ජලය හිග වීම වැනි කරුණු මත විදුලි / ජල කප්පාදුවකට ගොස් හෝ යමින් තිබේ.

මැදපෙරදිග යුද තත්ත්වය හෝ කාලගුණ විපර්යාස අපට පාලනය කළ නොහැකි වුවත්, පවතින දත්ත මත පදනම්ව පූර්ව සූදානමකින් (Predictive Analysis) කටයුතු කළේ නම් ජල කප්පාදුව වැනි තත්ත්වයන් මඟහරවා ගැනීමට ඕනෑතරම් ඉඩකඩ තිබුණි.

මෙලෙස නිවැරදි දත්ත නිසි පරිදි විශ්ලේෂණය කර පුර්ව සුදානමක සිට අවශ්‍ය තීන්දු ගෙන නැතිනම් (ඒ ගැන වෙනම වීමසීම කල යුතුය) පැහැදිලිවම එය අදාල අමාත්‍යවර්‍යා ඇතුලු විෂය භාර නිළධාරීන්ගේ අඩුපාඩුය. නමුත් කවුරු අඩුපාඩු කළද පවතින රාජ්‍ය‍යේ කෙන්ද්‍රය කරගෙන ඇත්තේ ජනාධිපති අනුර බැවින් මිනිස්සු බනින්නේ එතුමාටය. ඒ නිසා මිනිසුන්ගේ කතා, දත්ත මත පමණක් පදනම් නොවී දිනපතා AI briefing එකක් ගෙන එමගින්ද උපදෙස් ගෙන ක්‍රියාත්ම්ක කිරිමේ අවශ්‍යතාවයක් ඇත.

එනම් මේ උදා වී ඇත්තේ, සාම්ප්‍රදායික නිලධාරිවාදයෙන් ඔබ්බට ගිය AI තාක්ෂණික සහාය (AI Integration) අත්‍යවශ්‍ය මොහොතකි.නැතිනම් අනුර ජනාධිපතිතුමාටත් සිදුවන්නේ නිළදාරින් කියන දේ අසා නොමග යාමට හෝ පුර්ව සුදානමකින් තොරව එදා වෙල ආණ්ඩුවක් කරගෙන යාමටය.

![](https://www.citizen.lk/content/images/2026/04/image-1-1.png)

මාධ්‍යවේදි සදුන් අරෝෂ ප්‍රනාන්දු - සමාරම්භක - දුස් තොරතුරු මැඩලිමේ ඒකකය ජනාධිපති කාර්‍යාලය