ජනප්‍රිය බොලිවුඩ් නිළි ඊශා ඩියොල් යළි මව් පදවියට. (PHOTOS)

2000 දශකයේ ජනප්‍රිය බොලිවුඩ් සිනමා නිළියක් තමයි ඊශා ඩියොල්. අය වරක් මව් පදවිය ලබලා කියලයි ආරංචි.

පසුගිය ජුනි 10 වැනිදා මුමබායි හි පෞද්ගලික රෝහලක් තුළදී ඊශා සිය දෙවන දරුවා ප්‍රසූත කර තිබෙනවා. මෙවර ඇයට දියණියක් ලැබුණු අතර, ඇයට මේ වනවිට මිරායා ලෙස නම් තබා තිබෙනවා. මීට පෙර ඊශාට පුතෙක්ද සිටින අතර, ඔහු මේ වනවිට තුන්වැනි වියෙහි පසුවනවා.

සිය දියණිය සමගින් රෝහලෙන් පිටව යන අවස්ථාවේදී මාධ්‍ය මුණ ගැසුණ ඊශා ඊට යහපත් ප්‍රතිචාර දක්වමින් සියල්ලන්ටම ස්තුතිය පළ කර තිබුණා. එමෙන්ම ඊශාගේ මාපියන් වන පාර්ලිමේන්තු මන්ත්‍රිනි හේමා මාලිනි හා හින්දි සිනමා නළු ධර්මේන්ද්‍රද සිය සුබපැතුම් ‘ටිවටර්’ ගිණුම් හරහා පළ කර තිබුණ බව සඳහන්.

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න