ඕස්ට්‍රේලියාවට පලායාමට තැත් කළ 3ක් අත්අඩංගුවට.

0
409

නීතිවිරෝධීව ඕස්ට්‍රේලියාවට බෝට්ටු මගින් යාමට තැත්කළ පිරිසකින් තිදෙනෙකු අද (13) අත්අඩංගුවට ගත් බව මඩකලපුව මූලස්ථාන පොලිසිය පවසනවා.

සවුක්කඩ් ප්‍රදේශයේදී බෝට්ටු මගින් වෙනත් බෝට්ටුවකට පුද්ගලයින් යවමින් සිටියදී නාහඳුනන පුද්ගලයින් ගැවසෙනු දුටු බවට ධීවරයින් පොලිසියට දැනුම්දී තිබිණි. ඒ අනුව මොවුන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් පිරිස අතර හලාවත ප්‍රදේශයේ දෙදෙනෙක් හා වන්දාරමුල්ල ප්‍රදේශයේ එක් අයෙක් වනවා. එම අවස්ථාවේදී ඉතිරි පිරිස පලාගිය අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය කටයුතු කරන බව පොලිසිය පැවසුවා.

මොවුන්ව ප්‍රවාහනය කළ ත්‍රිරෝද රථය පොලිසිය බාරයට ගෙන තිබෙනවා.

මඩකලපුව මූලස්ථාන පොලිසිය පරීක්ෂණ පවත්වනවා.