> ## Content Index
> Fetch the complete content index at: https://www.citizen.lk/llms.txt
> Use this file to discover other available public pages before exploring further.

# මෙරට ප්‍රවාහන සහ යටිතල පහසුකම් නැංවීමට ඉදිරි වසර තුන තුළ ඇමරිකානු ඩො. බි. 10 දක්වා ආයෝජනය කිරීමට සැලසුම් - අමාත්‍ය බිමල් රත්නායක
- URL: https://www.citizen.lk/plans-to-invest-up-to-us-10-billion-in-the-next-three-years-to-improve-the-countrys-transportation-and-infrastructure-facilities-minister-bimal-ratnayake/
- Published: 2026-04-03T06:00:09.000Z
- Updated: 2026-04-03T06:00:09.000Z
- Author: Dhanu Kulathunga
- Tags: දෙස්

April 03 (Citizen.lk News) - ශ්‍රී ලංකාවේ ප්‍රවාහන සහ යටිතල පහසුකම් වර්ධනය සඳහා ඉදිරි වසර තුන තුළ ඇමරිකානු ඩොලර් බිලියන 8 සිට 10 දක්වා ආයෝජනය කිරීමට රජය සැලසුම් කර තිබෙන බවත් නව වරායන් දෙකක් සහ ගුවන් තොටුපළ සංවර්ධනය කිරීමට සැලසුම් කර ඒ සදහා ජාත්‍යන්තර සහ පුද්ගලික ආයෝජකයන්ට ආයෝජනයන් වෙනුවෙන් ආරාධනා කර සිටින බවත් ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කරනවා.

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, රුසියානු රජය විසින් සංවිධානය කරන ලද රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් නුවර පැවැත්වෙන ජාත්‍යන්තර ප්‍රවාහන සහ සැපයුම් සංසදයට (International Transport and Logistics Forum) ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඒම සැසියට සහභාගි වෙමින්.

එම සැසිය අමතා වැඩිදුරටත් අදහස් දැක්වූ බිමල් රත්නායක අමාත්‍යවරයා,

>  
> "යුරේසියානු කලාපයේ සම්බන්ධතාවයන් සහ උපායමාර්ගික වැදගත්කම මම අවධාරණය කරනවා. ‘ඉන්දියානු සාගරයේ මුතු ඇටය’ ලෙස හඳුන්වන ශ්‍රී ලංකාව, ඉන්දියානු සාගරයේ තීරණාත්මක සමුද්‍රීය මධ්‍යස්ථානයක් ලෙස පිහිටා ඇති අතර, එහි ඓතිහාසික හා භූගෝලීය පිහිටීම ඉතා වැදගත්. රුසියාව, චීනය, යුරෝපය සහ අප්‍රිකාව වැනි සමුද්‍ර කලාප මෙන්ම සේද මාවත වැනි ඉපැරණි මාර්ග හරහා සම්බන්ධ කරමින් නැගෙනහිර සහ බටහිර ලෝකය අතර සම්බන්ධතාවය ඇතිකර තිබෙනවා.  
> සමුද්‍රීය සහ ගුවන් සේවා මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාවේ ඓතිහාසික භූමිකාව ශතවර්ෂ ගණනාවක් පුරා විහිදෙන බවත් ශ්‍රී ලංකාව රුසියාව සමඟ විශේෂයෙන් ගුවන් සේවා ක්ෂේත්‍රයේ සමීප සහයෝගීතාවයක් පවත්වන බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා සෘජු ගුවන් සම්බන්ධතාවල වර්ධනය වන විභවය උපයෝගී කරගැනීම සඳහා රුසියානු ගුවන් ගමන් වාර වසර පුරාවටම ලැබෙනු ඇතැයි විශ්වාසය පළ කරන බවද සඳහන් කර සිටියා.