මගී කාන්තාවක් නියමු කුටියට ගත් චීන ගුවන් නියමුවෙක්.

චීන ගුවන් මගියෙකු වියහැකි යුවතියක් ගුවන් යානයක නියමු කුටියෙහි සිටින බව දැක්වෙන ඡායාරූපයක් සමාජ ජාල පුරා වේගයෙන් හුවමාරු වීමත් සමඟ අදාළ චීන ගුවන් යානයේ නියමුවාගේ පියාසර බලපත්‍ර අවලංගු කර ලැබ ඇත.

ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කළ එයාර් ගුයිලිං ගුවන් සමාගම “සිය නියමුවා ගුවන් ගමන් ආරක්ෂණ රෙගුලාසි උල්ලංඝනය කර ඇතැයි” කියා සිටියේය.


වාර්තා වලට අනුව අදාළ ඡායාරූපය ගනු ලැබ තිබෙන්නේ මේ 2019 ජනවාරි මාසයේදීය.

‘Air Guilin’ ගුවන් සමාගමට අයත් යානය ගුයිලිං (Guilin) නගරයේ සිට යංචෞ (Yangzhou) කරා පියාසර කරමින් තිබියදී මතභේදයට ලක්ව ඇති ඡායාරූපය ගෙන ඇති අතර, මෙම සතියේ සිට එය මහා පරිමාණයෙන් හුවමාරු වෙන්නට පටන් ගැනිණි.

එනමුත් මෙම පින්තූරය ගනු ලැබ තිබෙන්නේ ගුවන් ගමනක් අතරමැද ද යන්න ‘Air Guilin’ ගුවන් සමාගම මෙතෙක් තහවුරු කර නැත.

මෙම තරුණිය ‘Guilin’ සරසවියෙහි ගුවන් සේවිකා පුහුණුව ලබන්නියක් බවට කටකතා පැතිර යමින් ඇතැයි ඇතැම් චීන වාර්තා දක්වා තිබෙනවා.

වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක වෙමින් පවතින අතර,ඉහත කී කාන්තාව ගුවන් නියමු කුටියට ගැනීමට සම්බන්ධ වූ තවත් කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ ද සේවය කාලය සීමාවකින් තොරව අත්හිටුවන ලද බවත් වාර්තා වේ.

“හැමවිටම අපේ ප්‍රමුඛත්වය ලැබෙන්නේ මගීන්ගේ ආරක්ෂාවට. ගුවන් ගමනක ආරක්ෂාව අනතුරට ලක්විය හැකි, අනුමත කළ නොහැකි එසේම වෘත්තීය ගුණයට පටහැනි කිසිදු ක්‍රියාවකට අපෙන් සමාවක් නැහැ” ‘Air Guilin’ ගුවන් සමාගම කියා සිටී.

කෙසේ වෙතත් මෙම තරුණිය නියමු කුටියට ගැනීම හේතුවෙන් නියමුවාගේ පියාසර බලපත්‍ර අවලංගු කරත් ඔහුව සමාගමේ රැකියාවෙන් නෙරපා ඇති බවක් මෙතෙක් වාර්තා නොවේ. ඇතැම් විට මෙලෙස පියාසර බලපත්‍ර අවලංගු කරන අවස්ථා වල ඔවුන්ව වෙනත් ගොඩබිම් රාජකාරි සඳහා යොදවා සේවයේ තබාගැනීම සිදුවනවා. මන්ද ගුවන් නියමුවෙකු යනු ගුවන් සමාගමකට ඇතැම් විට ගුවන් යානයකට වැඩ වටිනා වත්කමක් වන බැවිනි.

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න