“තුවක්කුවක් තිබේ නම් වෙඩි තියන්න” අල්ලස් ගන්න රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව පිලිපීන ජනපති මඩු වලිගෙ අතට ගනී

කාර්යක්‍ෂම රාජ්‍ය සේවයක් සැපයීම සඳහා අල්ලස් අපේක්ෂා කරන රාජ්‍ය නිලධාරියෙකුට හෝ සේවකයෙකුට වෙඩි තබන්නැයි පිලිපීන ජනාධිපති රොද්‍රිගෝ ඩුටර්ට් සිය රට වැසියන්ට පවසනවා. එහෙත් කිසිඳු නිලධාරියෙකු ඝාතනය නොකරන ලෙසයි ජනාධිපතිවරයා ඉල්ලා ඇත.

ජනාධිපති ඩුටර්ට් මෙම ආන්දෝලනාත්මක ප්‍රකාශය සිදුකළේ බටාන් ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමින්. බදු ගෙවීම වැනි ඕනෑම කටයුත්තකදී රාජ්‍ය ආයතන සමග ඍජුව කටයුතු කරන ලෙසත් එවන් අවස්ථාවක යම් කිසි නිලධාරියෙකු අල්ලසක් ගැනීමට තැත් කළහොත් කම්මුල් පහරක් එල්ල කරන ලෙසත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. එවන් අවස්ථාවක තමන් සතුව ගිනිඅවියක් තිබුණහොත් පාද කොටසට වෙඩි තබන ලෙස ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

වෙඩි ප්‍රහාරයක් පමණක් එල්ල වන අවස්ථාවක අදාළ පුද්ගලයා අල්ලස් ලබා ගැනීමට උත්සහ කළ බව ඔප්පු කලහොත් එවන් අවස්ථාවක පරිවාස නිලධාරියෙකු වෙත ප්‍රකාශයක් ලබාදීම ප්‍රමාණවත් බවත් සිරගත නොවන බවත් ජනාධිපතිවරයා අවධාරණය කළා. එසේම දූෂිත රාජ්‍ය නිලධාරියෙකුට ජීවිත හානියක් සිදු නොකර වෙඩි තබන ඕනෑම අයෙක් තමන් විසින් ආරක්ෂා කරන බවයි පිලිපීන ජනාධිපතිවරයා කියා සිටියේය.

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න